රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන උප්පැන්න, විවාහ සහ මරණ ලේඛනවල සහතික පිටපත් මාස 06කට පසු අවලංගු නොවන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මීට පෙර එම ලේඛන මාස 6කට වලංගු වන බවට පැවැති රෙගුලාසි ඉවත් කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නිකුත් කරන ලද ඕනෑම සහතිකයක සහතික පිටපතක් පවතී නම් නව පිටපතක් ලබාගැනීමේ අවශ්‍යතාවක් මතුනොවන බවද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.

කෙසේවෙතත් යම් අවස්ථාවක දී උප්පැන්න, විවාහ සහ මරණ ලේඛනයක සංශෝධනයක් සිදුකර ඇත්නම් පමණක් නව පිටපතක් ඉදිරිපත් කිරීම සිදුකළ යුතු බවයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

WhatsApp Group

Skip to content