ජාතික රූපවාහිනී සංස්ථාවට පසුගිය දා බලෙන් ඇතුළු වූ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු ඊයේ සවස් කාලයේදීයි කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ .

මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාළ සැකකරු 44 හැවිරිදි පසුවන්නෙක් .

පොළීසිය සඳහන් කළේ සැකකරු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි .

මීට පෙර අදාල සිද්දිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොළීසිය කටයුතු කළා.

WhatsApp Group

Skip to content