රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍ය හෙටින් ආරම්භ වීමට නියමිතයි.

එය ලබන ජූලි මස 4 වෙනිදා දක්වා පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මේ සඳහා සහභාගී වීමට පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටින්නේ වගකීමෙන් යුතුව නිසි පරිදි කසළ බැහැර කරන ලෙසයි.

අක්‍රමවත් කසළ බැහැරකිරීම් හේතුවෙන් කතරගම නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආදී ප්‍රදේශවල ඝන අපද්‍රව්‍ය ටොන් 1,700 ක් පමණ එක්රැස් වන බවද එම අධිකාරිය සදහන් කළා .

එමෙන්ම උත්සව කාලසීමාව තුළ බැතිමතුන් ලක්ෂ 15කට ආසන්න පිරිසක් කතරගමට පැමිණෙන බවයි එම අධිකාරිය ප්‍රකශ කළේ.

WhatsApp Group

Skip to content