2023 ඔක්තෝම්බර් 07 වැනිදා සිට මේ දක්වා ඊශ්‍රායලය විසින් බටහිර ඉවුරේදී අල්ලා ගත් පලස්තීනුවන් 502ක් ඝාතනය කර තිබෙනවා.
ඊයේ දිනයේදී ඝාතනය කළ තිදෙනාත් සමග මෙලෙස බටහිර ඉවුරේදී ඝාතනය කළ පලස්තීනුවන් සංඛ්‍යාව 500 ඉක්මවා ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඊශ්‍රායල ප්‍රහාර හමුවේ මේ දක්වා පලස්තීනුවන් 35,000ට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 70,000ට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.
එමෙන්ම තවත් 10,000ට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content