රුසියාවේ උතුරු කොකේසස් ජනරජයේ ඩැගෙස්තාන් හී පිහිටි පල්ලි ඇතුලු ස්ථාන කිහිපයකට ගිනිඅවි රැගත් පුද්ගලයන් පිරිසක් වෙඩි තැබීම් සිදු කර තිබෙනවා.
එම ප්‍රහාර හමුවේ පොලිස් නිලධාරීන් 07 දෙනෙකු, පූජකවරයෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ප්‍රහාරයට පැමිණි පුද්ගලයන් 06 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ප්‍රහාරය එල්ල කළ පිරිස හඳුනාගෙන නොමැති අතර, ඩැගෙස්තානය මීට පෙර ඉස්ලාම්වාදී ප්‍රහාර එල්ල වූ ස්ථානයක් ලෙස ප්‍රචලිතව පවතිනවා.

WhatsApp Group

Skip to content