ශ්‍රී ලංකා රජය ඉදිරියේදී රුසියාවෙන් වට්ටම් සහිතව බොරතෙල් මිලදී ගැනීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

බොරතෙල් මිලදී ගැනීම පිළිබද සාකච්ඡා ශ්‍රී ලංකා බලධාරින් සහ රුසියානු නිලධාරීන් අතර තවමත් අවසන් වී නොමැති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් එම සාකච්ඡා සාර්ථකව අවසන් කිරීමට හැකි වුවහොත් දෙපාර්ශවයටම වාසි සහගත ගිවිසුමකට එළඹීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content