යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ ගතවූ දින රාත්‍රියේ රුසියාව විසින් යුක්‍රේනයට මිසයිල ප්‍රහාර 90ක් හා ඩ්‍රෝන ප්‍රහාර 60ක් පමණ එල්ල කර ඇති බවයි.

එමෙන්ම මේ වන විට යුක්‍රේනයේ ප්‍රදේශ රැසක විදුලිය විසන්ධිවීම් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ විදුලි සැපයුම් පද්ධති ඉලක්ක කරගනිමින් රුසියාව විසින් එල්ල කළ මිසයිල ප්‍රහාර හේතුවෙන් බව සඳහන්.

යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් නගරයට පමණක් ප්‍රහාර 15ක් එල්ල වී ඇති අතර නගරය පුරා නිවාස 53,000කට විදුලිය විසන්ධි වී ඇති බව බලධාරීන් සඳහන් කර ඇත.

WhatsApp Group

Skip to content