ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගර්යාන් සහ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර සුහද සාකච්ඡාවක් අමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සුහදතාවය වර්ධනය කරගනිමින් සංස්කෘතික හා ආර්ථික සබඳතා ශක්තිමත් කරගැනීම මෙම සාකච්ඡාවේ දී විශේෂ අවධානයට යොමුව තිබෙනවා.

මෙරට මහාමාර්ග සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ පවතින ආයෝජන අවස්ථාවන් පිළිබඳව අමාත්‍යවරයා විසින් තානාපතිතුමා දැනුවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

රුසියාව සතු තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ දැනුම මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඩිජිටල්කරණය සඳහා දායක කර ගැනීම ඇතුළු ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳවද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

මෙම හමුව සඳහා රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් මාරියා එල්. පොපෝවා මහත්මිය ඇතුලු නිලධාරීන් පිරිසක් ද සහභාගී වීමටයි කටයුතු කර ඇත්තේ.

 

WhatsApp Group

Skip to content