රුසියානු ගුවන් හමුදාව බෝල්ටික් මුහුදු කලාපයේ විශේෂ ගුවන් අභ්‍යාසයක නිරතව තිබෙනවා.

සුබෝයි 27 වර්ගයේ ප්‍රහාරක යානා මෙම ගුවන් අභ්‍යාසය සදහා යොදා ගෙන තිබුණා.

සතුරු පාර්ශවයක් සමග ගැටුමකට පවතින සුදානම විමසා බැලීම සදහායි මෙම විශේෂ මෙහෙයුම සිදුකර ඇත්තේ.

කෙසේ වෙතත් මෙම ගුවන් අභ්‍යාසය පැවති ප්‍රදේශය පිළිබද නිශ්චිතව අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර යුක්රේනයේ ජනාකීර්ණ නගරයක අවන්හලක් ඉලක්ක කර ගනිමින් රුසියාව ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මෙම ගුවන් ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

WhatsApp Group

Skip to content