ජා ඇල, රත්නාවලී ප්‍රදේශයේදී ගජමුතුවක් රුපියල් ලක්ෂ 63ට අලෙවි කිරීමට සූදානමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජා ඇල පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 28 සහ 32 යන වයස් වල පසුවන රත්නපුර සහ මහියංගනය යන ප්‍රදේශ වල පදිංචිකරුන් වනවා.

WhatsApp Group

Skip to content