සතුන්ගෙන් සිදුවන වගා හානි හේතුවෙන් වසරකට රුපියල් බිලියන 17ත් 20 ත් අතර පාඩුවක් මෙරටට සිදුවන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් පසුව මේ බව අනාවරණය වූ බවයි අමාත්‍යවරයා සදහන් කලේ.

මේ හේතුවෙන් ගොවි ජනතාව සිය වගා ආරක්ෂා කර ගැනීම සඳහා පතරොම් තුවක්කු ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශය වෙතින් කරන ඉල්ලිම් ඉහළ ගොස් ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ වගා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වායු රයිෆල් ලබා දීමේ වැඩ සටහනක් ලුණුගම්වෙහෙර ප්‍රදේශයේදී පැවැති අතර එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

මෙහිදී ගොවින් හට ලබා දුන් වායු රයිෆල්වල වටිනාකමින් 50%ක් රජය විසින් දරණ අතර ඉතිරි 50% ගොවින් විසින් ගෙවිය යුතුයි.

WhatsApp Group

Skip to content