රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් කුඩු ( Gold Power ) තොගයක් නීතිවිරෝධී ලෙස  සගවා ගෙන පැමිණි ගුවන් මගියෙකු 09/13 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
 මොහු මීගමුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයෙකි
ඔහු ඩුබායි සිට ඉන්දියාවේ මුම්බායි නුවර වෙත පැමිණ , එතැන් සිට  09/13 දින පස්වරු 12.10 ට  ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. – 1185 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
 මොහු හැද සිටි කළිසමේ බැද තිබූ ඉන පටිය තුළ පැකට් ලෙස සකස් කර සගවා ගෙන මෙම රත්තරන් කුඩු කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 460 ක් රැගෙන පැමිණ තිබුණි .
මේ වනවිට මෙම පුද්ගලයා රේගු අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .

WhatsApp Group

Skip to content