අනුමැතියකින් තොරව පවත්වාගෙන ගිය මූල්‍ය ආයතනයක රුපියල් කෝටි 990ක වංචාවක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් කෝටි 990ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුට එරෙහිව මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩකිරීම හා උපයා ගන්නා ලද මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති බවයි පොලීසිය සදහන් කළේ.

සැකකරු මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ කොටස්හිමිකරු ලෙස කටයුතු කර තිබෙනවා.

මහනුවර කැන්ඩි විව්ගාර්ඩ්න් ප්‍රදේශයේ පදිංචි සැකකරු 54 හැවිරිදි අයෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙව් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content