මිදිගම පොලිසියට අනුයුක්තව රාජකාරී කටයුතු කරන  විශේෂ කාර්යාංශයේ  නිලධාරීන්ට  ලද තොරතුරක් මත මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය  අත්අඩංගුවට ගෙන තිබේ

එම අයිස් මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් කෝටි දෙකකට වැඩි බව පොලිසිය සඳහන් කරයි.

වැලිගම  ඉබ්බාවල ප්‍රදේශයේ  සෝදිසි මෙහෙයුමකදී .   පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයන් හතර දෙනකු  පරීක්ෂා කිරීමට උත්සාහ ගැනීමේදී  තිදෙනෙකු  පලා ගොස් තිබේ එහිදී  එක් අයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. ඔවුන් සන්තකයේ තිබූ   ස්කූටි වර්ගයේ යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී   එහි සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය  කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් අටසීයක්  පොලිසිය සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස 20 පමණ වන  වැලිගම ප්‍රදේශයේ   පදිංචිකරුවෙකු බව පොලිසිය කියයි. .
පරික්ෂා කිරීමට උත්සාහ ගැනීමේදී පලා ගිය සැකකරුවන් වැලිගම සහ මිදිගම ප්‍රදේශයේ පදිංචි අය බවට හඳුනාගෙන ඇති අතර   ඔවුන්  අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවද පොලිසිය සඳහන් කරයි

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කොටවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම නීති විරෝධී අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම මිදිගම පොලිසියේ ස්ථානාධිපති අසෝක අබෙිවර්ධන මහතාගේ උපදෙස් මත    පො.කො. 89468 ගමගේ 103743 ජයසූරිය  විශේෂ කාර්‍යංශයේ පො.කො.  (90350) එස් , ජි.අයි. පි.  කුමාර   පො.කො.  (92912 ) කේ.පි.කේ.ඒ. ලක්ෂාන් යන නිලධාරීන් එක් වුහ

WhatsApp Group

Skip to content