ඉපැරණි පස්ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් එක්කෝටි විසි ලක්ෂයකට අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන කුරුවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් සිදුකළ මෙහෙයුමකදී වයස අවුරුදු 63ක් වන කුරුවිට ප්‍රදේශයේ පදිංචි යකැදුරෙකු වන මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.
මෙලෙස අලෙවි කිරීමට සූදානම්ව තිබු බුද්ධ ප්‍රතිමාව අඩි 3යි අඟලක් උස සහ අඩි දෙකහමාරක් පළල කිලෝග්‍රෑම් 48ක බරකින් යුක්ත බව පොලීසිය සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 4,602 දක්වා ඉහළට
- ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297ක් වෙයි
- කොවිඩ් ප්‍රභේදයක් රටවල් 27ක පැතිරෙයි
- අපේක්ෂකයන්ගේ අවසාන මහා රැළි අද
- මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
- කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
- සුඩානයේ සාගතය ඉහළ යයි
- පාසලේ ෆෑන් විකුණා මත්ද්‍රව්‍ය ගත් අයෙක් අත්අඩංගුවට