හුන්නස්ගිරිය මීමුරේ මාර්ගයේ දී මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් අනතුරක් සිදුවී තිබෙනවා.

එම අනතුරෙන් දෙදෙනෙක් මියගොස් තවත් දෙදෙනෙක් තුවල ලබා මැදමහනුවර රෝහලට ඇතුළත් කර තිබෙන බව සදහන්.

රුසියානු ජාතික වයස අවුරුදු 28ක තරුණයෙක් අනතුරින් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.

වයස අවුරුදු 55ක කටුගස්තොට ප්‍රදේශයේ කාන්තාවක් රෝහලට රැගෙන එන අතරතුර මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

WhatsApp Group

Skip to content