තමිල්නාඩුවේ කුනුර් ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු ද තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බස් රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් පෙරළි ගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සංචාරකයින් පිරිසක් ගමන් කළ බස් රථයක් බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 55 දෙනෙකු සිට තිබෙනවා.

WhatsApp Group

Skip to content