තඹුත්තේගම, ඒරියාගම ප්‍රදේශයේ සිදූ වු රිය අනතුරකින් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබෙනවා .

පොලීසිය සඳහන් කළේ, කුරුණෑගල සිට අනුරාධපුරය බලා ධාවනය වූ ලොරි රථයක පිටුපස වෑන් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් බරපතළ තුවාල ලැබු පුද්ගලයින් 08 දෙනෙකු තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ 36 සහ 46 හැවිරිදි වියේ පසුවන පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ 36 හැවිරිදි මෙන්ම 43 හැවිරිදි වියේ පසුවන කාන්තාවන් දෙදෙනෙක් .

ඔවුන් අනුරාධපුර, කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සාමාජිකයින් පිරිසක් බව පොලීසිය සඳහන් කළා.

වෑන් රථයේ රියැදුරු අපරික්ෂාකාරී ලෙස අධික වේගයෙන් රිය ධාවනය කිරීමෙන් රථයේ වේගය පාලනය කිරීමට නොහැකිව අනතුර සිදුව ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

මළ සිරුරු තඹුත්තේගම රෝහලේ තැන්පත් කර ඇති අතර තුවාල ලැබු දෙදෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

WhatsApp Group

Skip to content