අවිස්සාවේල්ල පොලිස් වසමේ කොළඹ රත්නපුර මාර්ගයේ උක්වත්ත සුසාන භුමිය අසලදී සිදු වූ රිය අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ අවිස්සාවේල්ල දෙස සිට හංවැල්ල දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගමන් කළ තරුණියක් බසයෙන් බැස ඉදිරියට ගමන් කරමින් සිටියදී එම බස්රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ තරුණිය අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content