මාතලේ ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් අටදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මාතලේ පාසලක උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් පිරිසක් ගමන් ගත් ජිප් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

අනතුරින් මියගොස් ඇත්තේ තොටගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක්.

ඊයේ රාත්‍රියේ පළාපත්වල ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති සුහද හමුවකට ගොස් යළි පැමිණෙමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

WhatsApp Group

Skip to content