ලග්ගල – රිවස්ටන් ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ මාතලේ දෙස සිට ලග්ගල දෙසට ධාවනය වූ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක් පමණ ප්‍රපාතයකට ඇදී ගොස් ඇති බවයි.

තුවාල ලැබූ දරුවෙකු ඇතුළු 5 දෙනෙකු මාතලේ රෝහලට ඇතුලත් කෙරුනා.

මෝටර් රථය පදවා ඇත්තේ මාතලේ මුලස්තාන පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයෙක්.

අනතුරින් මිය ගොස් තිබෙන්නේ එම නිලධාරියාගේ බිරිඳයි.

ඇය 34වන වියෙහි පසු වුනා.

තුවාල ලබා සිටින්නේ නිලධාරියා – ඔහුගේ දරුවා – බිරිඳගේ සහෝදරිය සහ ඇයගේ දරුවායි.

පිරිස රිවස්ටන් සිට පතන බලා ගමන් කරන අතරවාරයේ මාර්ගයේ තිබු වලක් මග හැර යාමට උත්සහ කිරීමේදී පැති ඉවුර කැඩී මෝටර රථය ප්‍රපාතයට ඇදීගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

WhatsApp Group

Skip to content