මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් එක්ව රුසියාවේ හමුදා සේවය සඳහා ශ්‍රි ලාංකික තරුණයින් යොමු කරවීමේ ජාවාරමක් මේ දිනවල ක්‍රියාත්මක වන බවත්ල අදාල ජාවාරම සඳහා හසුනොවන ලෙසත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ශ්‍රි ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියි.

සංචාරක වීසා මගින් රැසියානු හමුදා සේවයට එක්වී විවිධ දුෂ්කරතාවයන්ට ලක්වී ඇති පිරිසකගේ ඥාතීන් පසුගියදා අමාත්‍යවරයා හමුවී ඇති අතරල අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඔවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ සිය පැමිණිලි ඉදිරිපත් කර ඇත.

රුසියානු හමුදාවේ ඉහළ වැටුප් සහිත රැකියා ලබාදෙන බව පවසා විශ්‍රාමික හමුදා සාමාජිකයින් මේ සඳහා බඳවා ගෙන ඇති අතරල නමුත් ඔවුන්ට සිදුව තිබුණේ වැන්ගර් කුලි හමුදාවේ සේවය සඳහා යාමටයිග එහිදි ඉදිරි ආරක්ෂක වළල්ලේ රාජකාරි සඳහා මෙම පුද්ගලයින් යොදවා ඇති බවත්ල මාස ගණනකින් ඔවුන්ට හිමි වැටුප් පවා ලබා නොදී ඇති බවත් එම පුද්ගලයින් පවසා තිබේ.

WhatsApp Group

Skip to content