ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) ඵලදායි අයුරින් යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බලා නිර්දේශ ලබා දීම සඳහා පත් කළ අමාත්ය මණ්ඩල අනුකමිටුවේ වාර්තාව පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත පිළිගැන්වීය.
මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්රතිපත්ති පිළිබඳ අමාත්යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ‘ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය (RAMIS) – නඩත්තු සේවා ලබා ගැනීම’ මැයෙන් අමාත්ය මණ්ඩල සංදේශ අංක 24/0696/604/079 වෙත ලබා දුන් 2024 අප්රේල් මස 8 දිනැති අමාත්ය මණ්ඩල තීරණයට අනුව මෙම අමාත්ය මණ්ඩල අනුකමිටුව පත් කෙරිණි.
විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම අනුකමිටුවේ සෙසු සාමාජිකයන් වශයෙන් අමාත්යවරුන් වන ටිරාන් අලස් සහ නලීන් ප්රනාන්දු යන මහත්වරුන් කටයුතු කළහ.
ආදායම් පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතිය ඵලදායී අයුරින් යොදා ගැනීම සම්බන්ධයෙන් වන ප්රධාන නිර්දේශ, වැදගත්කම සහ කඩිනම් මැදිහත්වීමේ අවශ්යතාව සැලකිල්ලට ගෙන ප්රධාන නිර්දේශ 7කින් සමන්විතව මෙම වාර්තාව සකස් කර තිබේ.

WhatsApp Group

Skip to content