බදු නොගෙවන ව්‍යාපාරිකයන් මෙන් ම බදු අය කර ගැනීම් නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන් පිළිබඳව සොයාගත හැකි පරිදි දත්ත එකතු කිරීමේ විද්‍යුත් ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන මෙම තොරතුරු පද්ධතිය “රැම්ස්” ලෙස නම් කර තිබෙන බව සදහන්.

බැංකු, රේගුව, සුරාබදු ආදී මුදල් ගනුදෙනු සිදුවන ආයතන ගණනාවක් මෙම “රැම්ස්” පද්ධතිය මගින් නිරීක්ෂණයට ලක් වන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියබලාපිටිය මහතා සදහන් කලේ.

https://www.vnews.lk/storage/2023/10/RANJITH-SIYABALAPITIYA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content