වවුනියාව බන්ධනාගාරය වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට බන්ධනාගාර බලධාරින් කටයුතු කර තිබෙනවා. ඒ, බන්ධනාගාර රැඳවියන් 6 දෙනෙකුට වසූරිය වැළඳීම සහ තවත් සැක සහිත රෝගීන් කිහිපදෙනෙකු බන්ධනාගාරයෙන් හමු වීම හේතුවෙන්.

ඒ අනුව සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස් මත ඊයේ දිනයේ සිට අගෝස්තු 15 වන දා දක්වා බන්ධනාගාරය වසා තැබීමටයි පියවර ගෙන ඇත්තේ.

බන්ධනාගාරයේ සිටි සියලුම රැඳවියන්ට වසූරිය සඳහා අවශ්‍ය ප්‍රතිකාර සහ ඖෂධ ලබා දී ඇති අතර රැඳවියන් සියලු දෙනා එන්නත්කරණයට ද ලක් කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content