දැන හෝ නොදැන සිදුකරනු ලද කිසියම් සමාජ විරෝධී ක්‍රියාවන් හේතුවෙන් අධිකරණයෙන් වරදකරුවෙකු කරනු ලබන පුද්ගලයන් නිෂ්චිත දඩුවම් කාල පරාසයකට බන්ධනාගාරගත කරනු ලබයි.

එම පුද්ගලයා විශෝධනය තුලින් යහපත් පුද්ගලයෙකු බවට පත් කිරීමේ භාරදූර කාර්යය බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතු සුවිශේෂී වගකීමකි.
එසේ බන්ධනාගාරගත කරන ලද රැඳවියන්ගේ සැගව ඇති කුසලතා සහ දක්ෂතාවයන් නංවාලීමේ අරමුණ පෙරදැරිව නේවාසික පුනරුත්ථාපන ක්‍රියාවලියේ තවත් පියවරක් ලෙස දිවයිනේ සියළුම බන්ධනාගාරයන් ආවරණය වන පරිදි නේවාසිකයින්ගේ දක්ෂතා සොයා බලා එම දක්ෂතා භාරහිර සමාජය දැනුවත් කිරීම වෙනුවෙන් බන්ධනාගාර දපාර්තමේන්තුව විසින් දෙවන වරටත් බන්ධනාගාරගතව සිටින නේවාසික රැඳවියන්ගේ සැගවී ගිය කුසලතාවයන් හා ඔවුන්ගේ දක්ෂතාවයන් නැවත ඉස්මතු කිරීමට අවස්ථාවක් සලසා දෙමින් ඔවුන් කෙරෙහි ඇතිවූ ප්‍රතිරූපය වෙනස්කර ඒ තුලින් යහපත් පුද්ගලයන් ලෙස යලි සමාජගත කිරීමේ පුනරුත්ථාපන ක්‍රියාවලියක් ‌ලෙස දෙවන වරටත් මෙලෙසින් ලලිත සිරසර – 02 ප්‍රසංගය පැවැත්වීමට බන්ධනාගාර දෙපාර්ත්මේන්තුව විසින් කටයුතු සංවිධානය කර ඇත. මෙම ප්‍රසංගය 2023.11.10 ප.ව. 06.45ට නෙළුම් පොකුණ රඟහලේ දී ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.

විශේෂිතම කරුණ වනුයේ මෙම ප්‍රසංගයේ සංගීත දායකත්වය සපයනු ලබන්නේ ද බන්ධනාගාර නේවාසික සංගීත කණ්ඩායම යි. මෙම ප්‍රසංගය සඳහා ගායනය, වාදනය, නර්ථනය, නාට්‍ය, අංගම් පොර හා තාල වාද්‍යය යන අංගයන් ඉදිරිපත් කරනු ලබන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා ප්‍රකාශ කර සිටී.

ප්‍රසංගය මඟින් ලැබෙන ප්‍රතිලාභ බන්ධනාගාර ගත රැදවියන්ගේ සුභසාධනය වෙනුවෙන් වැලිකඩ සිර සුභසාධක අනුකමිටුව වෙත බැරකර රැදවියන්ගේ පුනරුත්ථාපන කටයුතු සිදු කිරීමට අවශ්‍ය විටදී ලබා ගැනීමට කටයුතු සිදු කරන බවද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින ලදී.

මෙම අවස්ථාව සඳහා බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල් දෙනිය මහතා, විශ්‍රාමික අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා, ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් හා සිරසුභ සාධක සංගමයේ නිලධාරීන් ද සහභාගී වන ලදී.

WhatsApp Group

Skip to content