රට තුළ මතුවු ආර්ථික අර්බුදය හමුවේ රැකියා අහිමිවුවන් යළි රැකියා ගත කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානයක්කාර මහතා පැවසුවේ ඒ සදහා ක්‍රියාකාරී කමිටුවක් පත් කිරීමට පියවර ගත් බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් මතයි අදාළ කමිටුව පත්කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණා.

ඊට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටියා.

එම අවස්ථාවේ මෙම කමිටුව පත්කර ඇති අතර ඒ සදහා අමාත්‍යංශ කිහිපයක ලේකම්වරුන් ඇතුලත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content