ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්දිගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වී තිබෙනවා.

එරට ලොක් සභා ලේකම් කාර්යාලය නිවේදනය කළේ රාහුල් ගාන්ධිගේ මන්ත්‍රී ආසනය හිස් වී ඇති බවයි.

ඒ අනුව ඉන්දීය මැතිවරණ කොමිසමට රාහුල් ගාන්ධිගේ ආසනය සඳහා මන්ත්‍රිවරයෙකු තෝරා පත්කර ගැනීමට හැකිවනු ඇති.

රාහුල් ගාන්ධි අපහාස නඩුවකට වරදකරු වු අතර ඔහුට එරෙහිව වසර දෙකක සිරදඩුවම් නියම කෙරුණා.

කෙසේ වෙතත් ගාන්ධිට දින 30ක කාලයක් සඳහා ඇප ලබා දීමට එරට අධිකරණය ඊයේ කටයුතු කළා.

WhatsApp Group

Skip to content