දිවයිනට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් රාවණා දියඇල්ලේ ජල මට්ටම එක්වරම සීග්‍රයෙන් ඉහළ යන බව වාර්තා වනවා.

මේ හේතුවෙන් දියඇල්ලේ දිය නෑමට සහ දියඇල්ල දෙසට ගමන් කිරීම ද තහනම් කර ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

අධික වර්ෂාව හේතුවෙන් ජල පෝෂක ප්‍රදේශවල ධාරිතාව ඉක්මවා යාම මීට හේතුව වී ඇති බවයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් වැඩිදුරටත් පවසන්නේ.

 

WhatsApp Group

Skip to content