අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් පත් කර තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් කළ යෝජනාවක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කුමාරි විජේරත්නගේ ස්ථීරත්වයෙන් එම පත් කිරීම සිදුකළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සතු ක්ෂේත්‍රය පුළුල් බැවින් තවත් අනුකාරක සභා දෙකක් පත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.

උසස් අධ්‍යාපන සහ පර්යේෂණ අනුකාරක සභාව එක් අනුකාරක සභාවක් වන අතර, කුසලතා සංවර්ධනය හා වෘත්තිය පුහුණු අනුකාරක සභාව අනෙක් කාරක සභාව බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

WhatsApp Group

Skip to content