රාජ්‍ය සේවකයින් හට නව චක්‍ර ලේඛණයක් නිකුත් කොට තිබෙනවා.

රාජ්‍ය සේවකයින් සඳහා පඩි රහිත නිවාඩු ගැනීමේ ක්‍රමවේදයක් නිවේදනය කරමින් මෙම චක්‍ර ලේඛණය නිකුත් කොට තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මෙම චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව සඳහන්.

ඒ අනුව අදාළ නිවාඩු ලබාගන්නා රාජ්‍ය සේවකයින්ට විදේශගත වීමට හෝ මෙරට රැඳී සිටීමට අවස්ථාව උදා වෙනවා.

අදාළ නිවාඩු ලබාගැනීමේදී ඔවුන්ගේ ජේ්‍යෂ්ඨත්වයට හෝ විශ්‍රාම වැටුපට කිසිඳු බාධාවක් ඇති නොවන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

 

WhatsApp Group

Skip to content