රාජ්ය වැවිලි සමාගම්වල සේවක පාරිතෝෂිත මුදල්, සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් ගෙවීමට රජය ගත් තීරණය අනුව නිරවුල්ව අදාළ හිමිකරුවන්ට මුදල් ගෙවීම පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විණ.
අමාත්යාංශ ලේකම්, කම්කරු කොමසාරිස් ජනරාල්, සේවක අර්ථසාධක අරමුදලේ අධිකාරි, සේවක භාරකාර අරමුදලේ සභාපති, අදාළ රාජ්ය වතු සමාගම් වල ප්රධානීන් ඇතුළු සියලු නිලධාරීන් ඊට කැඳවා තිබිණ.
මුදල් සෙවීම සේම නිසි පරිදි අදාළ හිමිකරුවන්ට මුදල් ලබාදීම ද නිශ්චිත කාල රාමුවක දී සිදු කළ යුතු බැවින් හිමිකරුවන්ගේ ලේඛන සකස් කිරීමට රාජ්ය අමාත්යවරයා මෙහි දී උපදෙස් දෙනු ලැබීය.

WhatsApp Group

Skip to content