රාජ්ය වැවිලි ව්යවසාය ප්රතිසංස්කරණ අමාත්යංශයේ වෙබ් පිටුව එළිදැක්වීම පසුගියදා (12) අමාත්යංශ පරිශ්රයේ දී සිදු කෙරිණ.
පළමු වටයේ යෝජනා කැඳවීමට අපේක්ෂිත ඉඩම් කීපයක් පිළිබඳව ද මෙම වෙබ් අඩවියෙන් දැනගත හැකි අතර අමාත්යංශය පිළිබඳ තොරතුරු, අමාත්යංශයට අයත් ප්රාදේශීය වැවිලි සමාගම්වල තොරතුරු මෙන්ම ඉදිරියේ දී සිදුවන ප්රතිසංස්කරණයන් වඩාත් විනිවිදභාවයෙන් සිදුකිරීමට සහ ආයෝජකයින්, ජනතාව දැනුවත් වීමට මෙම වෙබ් අඩවිය හරහා ද හැකියාව ලැබෙනු ඇත.
මේ අතර රාජ්ය වැවිලි ව්යවසාය ප්රතිසංස්කරණ අමාත්යංශය ලබා ඇති ප්රගතිය සහ ප්රතිසංස්කරණ සිදුවන ආකාරයන් පිළිබඳ පැහැදිලි කිරීම සඳහා එම අමාත්යංශයේ දී ප්රවෘත්ති සාකච්ඡාවක් ද මීට සමගාමීව පැවැත්විණ.
එහි දී විශේෂයෙන් වතු සේවකයින් සඳහා රු.1700ක පඩි වැඩිවීම පිළිබඳව දැනුවත් කළ අතර අමාත්යංශය යටතේ පවතින ප්රාදේශීය වැවිලි සමාගම් අතරින් තේ වගාව පවතින ඇල්කඩුව වැවිලි සමාගම මේවන විටත් එම වැටුප් ගෙවා ඇති අතර අනෙකුත් සමාගම් ද මෙම වැඩි කළ වැටුප් ගෙවීමට කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව රාජ්ය අමාත්යවරයා දැනුවත් කරනු ලැබීය.

WhatsApp Group

Skip to content