රාජ්‍ය බැංකු සේවකයන්ගේ වැටුප් සාමූහික ගිවිසුම කප්පාදුවට එරෙහිව අද කළු විරෝධතා දිනයක් ලෙස නම් කරන බව ලංකා බැංකු සේවක සංගමය සදහන් කරනවා.

ඒ අනුව අද දිනයේදී රාජ්‍ය බැංකු 04ක සේවකයන් කළු ඇඳුමින් සැරසී සේවයට වාර්තා කිරීමේ වෘත්තය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි එම සංගමය සඳහන් කළේ.

මීට අමතරව අද පස්වරු 12.30 සිට පස්වරු 1.30 දක්වා කාලය තුළ කොළඹ ලේක් හවුස් වටරවුම ඉදිරිපිටදී බැංකු සේවකයන් විසින් කළු විරෝධතාවක් පැවැත්වීමටද කටයුතු යොදා තිබෙනවා.

WhatsApp Group

Skip to content