රජයට අයත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම් දෙක පසුගිය වසර තුළ වාර්තාගත ලාභයක් උපයා තිබෙනවා.

පසුගියදා පැවැති රාජ්‍ය පොහොර සමාගමේ ඉදිරි කටයුතු හා මෙවර යල කන්නයේ මෙන්ම ඉදිරි මහ කන්නයේ දී පොහොර සැපයීම පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී එහි සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා මේ බව සඳහන් කලා.

එහිදී අදහස් පළ කළ සභාපතිවරයා පැවසුවේ ඒකාබද්ධ කරන ලද මෙම පොහොර සමාගම් දෙක මගින් පසුගිය වසරේ දී රුපියල් මිලියන 433ක ලාභයක් උපයා ඇති බවයි..

ඒ අනුව ලංකා පොහොර සමාගම රුපියල් මිලියන 141ක් හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම රුපියල් මිලියන 292ක වශයෙන් ලාභ උපයා තිබෙනවා.

WhatsApp Group

Skip to content