රාජ්‍ය පොසොන් උත්සවය පිළිබද ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රුපියල් ලක්ෂ 288ක් රාජ්‍ය පොසොන් උත්සවය වෙනුවෙන් ලබා රජය ලබා දී ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

එබැවින් රාජ්‍ය පොසොන් උත්සවය වෙනුවෙන් රජයේ දායකත්වයක් නොලැබෙන බවට ඇතැම් පාර්ශව සිදුකරන චෝදනා සාවද්‍ය බවයි ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කළේ.

මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා රැසක් අද සිට ක්‍රියාත්මක වනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ විශේෂ දුම්රිය ගමන් වාර 12ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ ඒ පිළිබද පැහැදිලි කරන දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එස් ඉදිපොලගේ මහතා.

https://www.vnews.lk/storage/2023/06/IDIPOLAGE-EDIT-.mp3?_=1

මේ අතර මිහින්තලය පුදබිමේ විදුලිබය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව පිළිබද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අවධානය යොමු කෙරුණා.

විදුලිය ලබා දීමේ ආගමික ස්ථානවලට යම් සහනදායි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නේදැයි මෙහිදී මාධ්‍යවේදීයෙකු කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් විමසා සිටියා.

https://www.vnews.lk/storage/2023/06/BANDULA-GUNAWARDHANA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content