රාජ්ය තාන්ත්රික සබදතා යළි ආරම්භ කිරීමට ඉරානය සහ සවුදි අරාබිය එකග වී තිබෙනවා.
දෙරට අතර රාජ්ය තාන්ත්රික සබදතා ආරම්භ කිරීමේ ගිවිසුමකට ද එළඹ ඇති බව සදහන්.
ඒ අනුව තවත් මාස දෙකක් ඇතුළත දෙරටේම තානාපති කාර්යාල නැවත විවෘත කෙරෙනු ඇති.
බීජිං නුවරදී චීන මැදිහත්වීම මත සිදුකරන ලද සාකච්ඡාවලින් පසු රටවල් දෙක මෙම එකගතාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.