ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

ඒ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ඇතුළු ආයතන 08ක් ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සදහන් කළේ.

ඒ සදහා මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ආර්.එම්.පී රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් ද පත්කර තිබෙනවා.

එක් එක් ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ දී ඒ සදහා අන්තර්ජාතික උපදේශකයෙකු තොරා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content