ඇප මත මුදාහැර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

ඒ, මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේදී කැඳවනු ලැබූ අවස්ථාවේදියි.

2018 වසරේදී කොටි සංවිධානය යළි නගාසිටුවිය යුතු බවට ප්‍රකාශයක් කළේ යැයි කියන චෝදනාව සම්බන්ධයෙනුයි හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියට චෝදනා එල්ල වුණා.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුව ගත් විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇප මත නිදහස් කරනු ලැබුවා.

ඒ අනුව මීට පෙර පොලිසිය විසින් අධිකරණයට දැනුම් දී තිබුණේ අදාළ සැකකාරියට එරෙහිව නඩු කටයුතුත්තක් පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු නොමැති බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇති බවයි.

අදාළ උපදෙස් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇයව නිදහස් කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content