ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා නැවත පැමිණි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූර රෆායෙල් නඩාල් මුහුණ දුන් පළමු තරඟයේදීම ඊයේ පරාජයට පත් වුණා.
එහිදී නඩාල් පරාජයට පත් කරමින් ජයග්‍රහණය කරනු ලැබුවේ ජර්මානු ජාතික ඇලෙක්සැන්ඩර් ස්වෙරෙව් විසින්.
මෙම තරඟයේදී 6 ට 3ක්, 7ට 6ක් සහ 6ට 3ක් ලෙසයි රෆායෙල් නඩාල් පරාජයට පත් වුණේ.
මෙම තරඟය ඔහු ප්‍රංශ විවෘත ටෙනිස් තරඟාවලියට ක්‍රීඩා කරන තරඟය බවට වාර්තා පළ වූ අතර, ඊට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට රෆායෙල් නඩාල්ට හැකියාවක් ලැබුණේ නැහැ.

WhatsApp Group

Skip to content