රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් 2021 මහ කන්නයේ අක්කරයකට ලබා ගත් වී අස්වැන්න සියයට 53 කින් අඩු වී ඇති බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය, රසායනික පොහොර තහනම සමග වගාවට එල්ල වූ බලපෑම් සම්බන්ධයෙන් සිදු කළ සමීක්ෂණයකදී මෙය අනාවරණය වූ බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය කියා සිටියේ.

මීට අමතරව රසායනික පොහොර තහනම හේතුවෙන් අර්තාපල් සහ ලොකු  ලූණූ අස්වැන්න සියයට 52 කින් අඩු වූ අතර බඩඉරිඟු අස්වැන්න සියයට 68 කින් අඩු වී තිබෙනවා.

මිරිස් අස්වැන්න ද සියයට 43 කින් පමණ පහත වැටී ඇති බවයි සමීක්ෂණ මඟින් පෙන්වා දී ඇත්තේ. එමෙන්ම 2021 මහ කන්නයේදී රසායනික පොහොර තහනම හේතුවෙන් එළව`ඵ වගාව සියයට 57 කින් බිඳ වැටී ඇති බවද වාර්තා වනවා.

WhatsApp Group

Skip to content