රඹුක්කන, පත්තම්පිටිය ප්‍රදේශයේදී එකම පවුලේ අඹු සැමියන් වස පානය කර දරුවන් දෙදෙනාට වස පෙවීම හේතුවෙන් මාවනැල්ල රෝහලට ඇතුලත් කර තිබෙනවා.

වස පානය කළ මව වයස අවුරුදු 27ක් හා පියා වයස අවුරුදු 28ක් වන අතර, ගැහැණු දරුවන් දෙදෙනා පිළිවෙලින් අවුරුදු 4යි මාස 6ක් සහ මාස 11ක වයස් වල පසුවන කෙම්පිටිය වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සදහන් කළේ.

අඹු සැමියන් දෙදෙනා දරුවන්ට ඖෂධ ලබා දෙන මුවාවෙන් වස පොවා ඇති බවත්, අනතුරුව ඔවුන් දෙදෙනාද වස පානය කර ඇති බවත් පොලිස් විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content