හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක්වුණු පොහොට්ටුවේ මන්ත්‍රීවරු පිරිසක් යළි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් එම මන්ත්‍රීවරුන්ගෙන් සෙසු පිරිස සමගි ජනබලවේගය සමග එක්වීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සහ පොදුජන පෙරමුණ නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ කොළඹ මල්පාරේ පිහිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී සාකච්ඡාවක නිරත වුණා.

එම සාකච්ඡාවට සහභාගි වූ හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඉදිරි මහ මැතිවරණය සඳහා එක්ව කටයුතු කළ යුතු බවයි.

……………………………………………………………

WhatsApp Group

Skip to content