2018 වසරේදි එවක ජනාධිපති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යහපාලන රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව ගොනු කෙරුණු මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දී තිබෙනවා.

මේ පිළිබදව අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසටයි එහි වගඋත්තරකරුවන් පිරිසට අධිකරණය විසින් නියෝග කර ඇත්තේ.

එලෙස වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතු`ඵ පිරිසටයි.

පෙත්සම පිළිබදව කරුණු සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content