ගිණි ගොඩකට පැන්නොත් පිච්චෙන බව දැනගෙන ‘රනිල්ට – නාමල්ට නෙවෙයි සජිත් ප්‍රේමදාසට ඡන්දය දී රටත් ජීවිතයත් බේරා ගැනීමට එජාපයටත්, පොහොට්ටුවටත් අවස්ථාව පැමිණ ඇතැයි‘මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහණී කවිරත්න පොළොන්නරුවේ දී පැවසුවාය.

ආර්ථිකය ගැන මෙලෝ අල බෝලයක් තරම් දැනුමක් නැති ගෝඨාභය රාජපක්ෂට බලය දුන්නෝත් රට හොම්බෙන් යන බව 2019 අපි ඇති තරම් කිව්වා. එදා වෙච්ච අත්වැරැද්ද නිසා මේ රට අවුරුදු 15 කට පිටිපස්සට ගියා.  රටේ ආර්ථිකය, විදේශ සබඳතා ගැන කිසිම අවබෝධයක් නැති ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ට බලය දුන්නොත් ආයෙත් සැරයක් රටම ගිණි ගොඩකට වැටෙන බව අප දැන ගත යුතු යැයි කවිරත්න මන්ත්‍රීවරිය පැවසූවේ පොළොන්නරුව පැවති සමගි ජන බලවේග රැස්වීම් මාලාව අමතමිනි.

අනුර කුමාර බලයට ඇවිත් පර්ලිමේන්තුව විසිරුවා හැරලා, ණය ස්ථායිකරණ විග්‍රහය, නැත්තම් අපි  DSA  කියලා කියන    Debt sustainability Analysis          ඉලක්ක වෙනස් කරන්න ගිය ගමන් ලංකාවට දෙසැම්බර් මාසයේ ලැබෙන්න තියෙන අයි.එම්.එෆ්. ඩොලර් මිලියන  700 ලැබෙන්නේ නැතුව යනවා.  ලෝක බැංකුවේ, ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු බහු පාර්ශවීය ආයතනය 5 කින් ලැබෙන්න තියෙන ණය, ව්‍යාපෘති ආධාර වලට එය බලපාන්න පුළුවන්.

WhatsApp Group

Skip to content