රන් ආභරණ කොල්ලකෑ කල්ලියකට සම්බන්ධ බව කියන රන් ආබරණ වෙළඳසල් හිමියකු, කාන්තාවක ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සතුව තිබී කොල්ලකෑ රන් ආභරණ කිහිපයක්, කඩුදෙකක් හා අත්බෝම්බයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.
සැකකරුවන විසින් දීර්ඝ කාලයක් පුරා මරදගහමුල දූනගහ අවට ගම්මානවල මෙලෙස රන් ආභරණ කොල්ල කෑමේ නිරතව සිට තිබෙනවා.

ඒ අනුව පල්ලියපිටිය ප්‍රදේශයේදී රන් දම්වැල් දෙකක් කඩාගෙන පලා යමින් සිටි යතුරුපැදියක් ලුහුබැඳ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දිවුලපිටිය පොලිසිය සමත් වුනා.

WhatsApp Group

Skip to content