මහා මාර්ගවල රථවාහන රාජකාරියේ නියුතු රථවාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකුට මාසික දීමනාව වශයෙන් ගෙවූ රුපියල් එක්දහස් හයසියක මුදල රුපියල් හයදහස දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ පිලිබඳ නව චක්‍රලේකයක් නිකුත් කරන ලෙසයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නියෝග කර ඇත්තේ.

මෙහිදී පොලිස් සැරයන්වරයකුට ගෙවූ රුපියල් 1800ක මාසික දීමනාව රුපියල් 6000 දක්වාත්, පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරීන්ට ගෙවූ රුපියල් 2000 දීමනාව රුපියල් 7000 දක්වාත්, රථවාහන ස්ථානාධිපතිවරයකුට ගෙවූ දීමනාව රුපියල් 2500 සිට 7000 දක්වාත් ඉහළ නැංවීමට නියමිත බව සඳහන්.

රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් ඇගයීමට ලක්කිරීම හා දිරිමත් කිරීම මගින් කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් ලබාගැනීම මෙහි අපේක්ෂාවයි.

අව්, වැසි, බාධක මධ්‍යයේ පැය දොළහක පමණ කාලයක් මහා මාර්ගවල රථවාහන හැසිරවීම අසීරු කාර්යයක් වීම මෙම දීමනා වැඩිකිරීමට හේතු වී ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content