මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වන රත්මලානේ ‘සිඟිති’ නමැති 40 හැවිරිදි කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇත.

ඇය සතුව තිබී රුපියල් ලක්ෂ 7ක පමණ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50ක් සොයාගෙන ඇත.

ඇය විදේශගතව සැඟව සිටින බවට විශ්වාස කෙරෙන කුඩු අංජුගේ ඥාතියෙක් බවද වාර්තා වෙයි.

රත්මලාන දුම්රිය පොළ ආසන්නයේ දී පසුගිය අගෝස්තු මාසයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණු අතර එලෙස ඝාතනය වූ රත්මලානේ ‘මස් කඩේ කලුවා’ නම් පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරිය ලෙස මෙන්ම දේශගතව සැඟව සිටින බවට විශ්වාස කෙරෙන කුඩු අංජුගේ ඥාතියෙක් බවටද මෙම කාන්තාව හඳුනාගෙන ඇත.

WhatsApp Group

Skip to content