රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

ඊයේ පස්වරු 4 සිට අද පස්වරු 4 දක්වායි මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන්නේ.

ඒ අනුව, මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ ඇහැළියගොඩ, කුරුවිට සහ රත්නපුර යන ප්‍රදේශවලටයි.

අදාළ ප්‍රදේශවල ජීවත්වන පිරිස් මෙම අනතුරු ඇගවීම් සම්බන්ධව නිරතුරු විමසිල්ලෙන් පසුවන ලෙසයි ආපදා කලමණාකාර දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නාගොඩ සහ ඇල්පිටිය, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල මෙන්ම බුලත්කොහුපිටිිය යන ප්‍රදේශවලට ද නායයාම් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි.

එමෙන්ම් දෙහිඕවිට, දැරණියගල, යටියන්තොට සහ වරකාපොල ප්‍රදේශ රැසකට ද නායයාම් අනතුරු ඇගවීම්ි නිකුත් කර තිබෙනවා.

මේ අතර අද දිනයෙදීත් ප්‍රදේශ රැසකට වැසි ඇති වන බව කාලගණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාතවලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්කවලත් වැසි ඇතිවන බවයි.

මේ අද දින පවතින කාලගුණික තත්ත්වය පිළිබද වැඩිදුරටත් අදහස් පළ කළ කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා.

https://www.vnews.lk/storage/2023/09/ATHULA-KARUNANAYAKE-EDIT-3.mp3?_=1

WhatsApp Group

Skip to content