රත්නපුර අධ්‍යාපන කලාපයේ පාසල් අද දිනය තුළ ද නොපැවැත්වෙන බව සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

එමෙන්ම කුරුවිට සහ ඇහැලියගොඩ කොට්ඨාසයේ මෙන්ම නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත , අයගම කොට්ඨාසවල පාසල් ද අද දිනයේ වසා තැබෙනු ඇති.

මේ අතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම පාසල් අද දිනයේ යළි විවෘතව තැබෙන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා පවසනවා.

කෙසේවෙතත් ගංවතුර බලපෑම් එල්ල වී ඇති පාසල් සහ අවතැන් මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට පවරා තිබෙනවා.

WhatsApp Group

Skip to content